ජනතාවවෙත සෘජු බදු පැනවීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා

ජනතාවවෙත සෘජු බදු පැනවීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා

June 25, 2017   09:41 am



වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 17ක මිල අඩු කිරීමට ගත් තීරණය තවදුරටත් පවත්වාගෙන යන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජනතාව වෙත පැනවෙන වක්‍ර බදු අඩු කර සෘජු බදු පැනවීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කරන බවය.

මල්වතු පාර්ශවයේ අනුනායක නාහිමි බැහැදැකීමෙන් අනතුරුව මංගල සමරවීර අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.