මෙරට මුහුදු සීමාව පැන්න ඉන්දීය ධීවරයින් 14ක් අල්ලයි

මෙරට මුහුදු සීමාව පැන්න ඉන්දීය ධීවරයින් 14ක් අල්ලයි

June 25, 2017   09:01 am



නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලු ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු ස්ථාන දෙකකදී නාවික හමුදා අත්අඩංගුවට පත්ව තිබේ.

 තලෙයිමන්නාරම ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වු ප්‍රදේශයකදී තහනම් පන්න ක්‍රමයක් වන පතුල මත ඇදගෙන යාමේ පන්න ක්‍රමය හෙවත් බොටම් ට්‍රෝලිං ක්‍රම මඟින් මසුන් ඇල්ලීමේ නිරතව සිටි ඉන්දීය ධීවරයින් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසුවේය.

 ඔවුන්ගේ ට්‍රෝලර් යාත්‍රාව ද නාවික හමුදා බාරයට ගෙන ඇති අතර යාත්‍රාව සහ ධීවරයින් පිරිස තලෙයිමන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂ වෙත බාරදිමට නියමිතය.

 මේ අතර බොටම් ට්‍රෝලිං ක්‍රමය යටතේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් අට දෙනෙකු ඩෙල්ෆ් දුපතට ආසන්නයේ දී ට්‍රෝලර් යාත්‍රා දෙකක් සමඟ නාවික හමුදා අත්අඩංගුවට පත්ව සිටියි.

 එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂ වෙත බාරදීමට නියමිතය.