නීති උල්ලංඝණය කරලා වැඩ වරදී

නීති උල්ලංඝණය කරලා වැඩ වරදී

June 24, 2017   09:58 pm

විල්ගමුව, මාරක ප්‍රදේශයේදී බලපත්‍ර නීති උල්ලංඝණය කරමින් වැලි කැණීම් සිදු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකා දඹුල්ල කඳවුරේ නිලධාරින් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

එහිදී වැලි පුරවන ලද ට්‍රැක්ටර් රථයක් ද පොලිස් විශේෂ කාර්යය බලකා බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා විල්ගමුව පොලීසිය වෙත බාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.