පෙරහැර සඳහා අලි ඇතුන් පුහුණු කිරීමේ කටයුතු ඇරඹෙයි
June 24, 2017 03:54 pm
පෙරහැර සඳහා අලි ඇතුන් පුහුණු කිරීමේ කටයුතු අද(24) පින්නවල අලි අනාතාගාරයේදී ආරම්භ කෙරුණි.
ඒ තිරසර සංවර්ධන හා වනජිවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙනි.
ඒ අනුව පින්නවල අලි අනාතාගාරයෙන් පමණක් අලි ඇතුන් 07 දෙනෙකු පෙරහැර සදහා ලබාදීමට නියමිතය.
මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කළේ සමීක්ෂණයක් සිදු කොට මෙරට සිටින අලි ඇතුන් සම්බන්ධයෙන් සංඛ්‍යා ලේඛන සකස් කරන බවය.
රජය තීරණය කර ඇති පරිදි පෙරහැර සඳහා අලි ඇතුන් ලබාදීම අනිවාරයෙන්ම සිදු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.