නීති විරෝධීව පස් ප්‍රවාහනය කළ 1ක් අල්ලයි

නීති විරෝධීව පස් ප්‍රවාහනය කළ 1ක් අල්ලයි

June 24, 2017   03:46 pm



සූරියවැව, මහපැලැස්ස ප්‍රදේශයේ නීති විරෝධි ලෙස ලොරි රථයකින් පස් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකා සූරියවැව කඳවුරේ නිලධාරින් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදි සැකකරු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

එහිදී පස් ප්‍රවාහනය කළ ලොරි රථයද පොලිස් විශේෂ කාර්යය බලකාය බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා සූරියවැව පොලීසියට බාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.