ග්‍රැහැම් ෆෝර්ඩ්  පුහුණුකාර ධූරයෙන් ඉවත්වෙයි

ග්‍රැහැම් ෆෝර්ඩ් පුහුණුකාර ධූරයෙන් ඉවත්වෙයි

June 24, 2017   12:12 pm



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මහතා සිය පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සිලය පවසයි.

ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ නිමාවත් සමග ඔහු නැවතත් දකුණු අප්‍රිකාවට ගොස් ඇති අතර නිවාඩු ලබාගෙන ඔහු දකුණු අප්‍රිකාවට ගොස් ඇති බව වාර්තාවේ.

කෙසේවෙතත් ඔහුගේ  කොන්ත්රා ත් කාලය 2019 වසර දක්වා පවතින බවද  වාර්තා වෙයි.

කෙසේවෙතත් හටගත් මතභේදකාරි  තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙලෙස ඉල්ලා අස්වී තිබේ.