කෘෂිකර්මාන්තය වෙනුවෙන් කාර්ය සාධන බලකායක්

කෘෂිකර්මාන්තය වෙනුවෙන් කාර්ය සාධන බලකායක්

June 24, 2017   11:54 am



ආපදා තත්ත්වයකට මුහුණ දීම සඳහා කෘෂිකර්මාන්තය වෙනුවෙන් ඉදිරියේදී කාර්ය සාධන බලකායක් ස්ථාපිත කරන බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කර සියලු පළාත් සභා හා රජය දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

නියඟයකදී ද ගොවීන් හට සහන සැලසීම සඳහා විශේෂ වැඩසටහනක් කියාත්මක කර ඇති බව දුමින්ද දිසානායක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.