වෛද්‍ය වර්ජනය අදත් ක්‍රියාත්මකයි

වෛද්‍ය වර්ජනය අදත් ක්‍රියාත්මකයි

June 24, 2017   10:51 am



රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාමත්මක කර ඇති වර්ජනය අද(24) දිනයේත් ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි ප්‍රකාශකයෙකු පැවසුවේ අද(24) පස්වරු 4.00ට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව රැස්වී ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කරන බවය.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සහ විශ්වවිද්‍යාල සිසුන්ට එල්ල වූ ප්‍රහාරයට විරෝධය පළ කරමින් පසුගිය 22 වනදා සිට වෛද්‍යවරු වර්ජනයේ නිරතවේ.