අනතුරින් 1ක් මරු දකියි

අනතුරින් 1ක් මරු දකියි

June 24, 2017   08:43 am



මීගහතැන්න ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ.

කොක්කුඹුර, කළුහේන වංගුව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු මීගහතැන්න රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ කපුගොඩ, පොල්ගම්පල ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි තරුණයෙකි.

මේ අතර එරාවුර්, දේවපුරම් ‍ප්‍රදේශයේ දී යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වීමෙන් 20 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබේ.