ඉන්දීය ධීවරයින් 8ක් අත්අඩංගුවට

ඉන්දීය ධීවරයින් 8ක් අත්අඩංගුවට

June 24, 2017   08:34 am



ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පේදුරුතුඩුවට ගිණි‍කොණ දෙසින්, නාවික සැතපුම් 17 ක් පමණ දුරකදී තහනම් පන්න ක්‍රමයක් වන, පතුල මත ඇදගෙන යාමේ පන්න ක්‍රමය හෙවත් බොටම් ට්‍රෝලිං ක්‍රමය මඟින් මසුන් ඇල්ලීමේ කටයුතුවල නිරත වූ පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසුවේය.

එහිදී ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුද බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින්, යාත්‍රාවන් සහ අනෙකුත් භාණ්ඩ ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත බාර දීමට නියමිත බව සඳහන්ය.