ප්‍රාන්ත 20යි 20 තරගයෙන් මහේල ඉවත්වෙයි

ප්‍රාන්ත 20යි 20 තරගයෙන් මහේල ඉවත්වෙයි

June 23, 2017   09:38 pm

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන මහතා එංගලන්ත ප්‍රාන්ත 20යි 20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

එම තරඟාවලියේ ලැන්කෂයර් කණ්ඩායම නියෝජනය කරමින් තරඟ වැදීමට මහේල ජයවර්ධන ගිවිසුම් අත්සන් කර තිබුණි.

කෙසේ වෙතත් පෞද්ගලික හේතූන් මත තමා එම තරඟාවලියෙන් ඉවත්වීමට තීරණය කළ බව මහේල ජයවර්ධන මහතා ප්‍රකාශ කර ඇත.

2015 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් මහේල මහතා පසුගිය වසරේ එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලියේදී සමර්සෙට් කණ්ඩායම නියෝජනය කරමින් තරඟ වැදුණි.