බුදු දහමට පළමු තැන ලැබිය යුතුයි!
June 23, 2017 07:01 pm
ශ්‍රී ලංකා ව්‍යවස්ථාව තුළ බුදු දහමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බව රාමඤ්ඤ මහා නිකායේ මහනායක, අති පූජ්‍ය නාපානේ පේමසිරි හිමි පවසයි.
බුදු දහමට හිමි ස්ථානය ව්‍යවස්ථා සංශෝධනය මගින් අහිමිවන බවට පැතිරයන ප්‍රචාරයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බව උන් වහන්සේ කියා සිටියි.
එහිදී තමා කිසි විටෙක බුද්ධාගමට හිමි ස්ථානය අහිමි කිරීමට කටයුතු නොකරන බවට ජනාධිපතිවරයා විසින් සහතික වූ බව නාපානේ පේමසිරි නාහිමි කියා සිටියේය.
යම් යම් ගැටළු සහගත තත්ත්වයන් වර්තමානයේ විටෙන් විට අත්දකින්නට ලැබෙන බවත්, එහිදී වගකිව යුත්තන්ගේ අවධානය ඒ කෙරෙහි යොමුවී සුබවාදී ක්‍රියා මාර්ග ගත යුතුව ඇති බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේය.