ළහිරු 5 තෙක් රිමාන්ඩ්
June 23, 2017 02:49 pm
අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔහු ලබන මස 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
පසුගියදා විශ්වවිද්‍යාල සිසුන් විසින් පැවැත් වූ උද්ඝෝෂණ ව්‍යාපාරයක් අතරතුර සෞඛ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපල වලට අලාභහානි සිදු කිරීමේ චෝදනා මත අද දහවල් ළහිරු වීරසේකර අත්අඩංගුවට ගැනුණි.
කොළඹ දී අද පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වූ ළහිරු වීරසේකර එම ස්ථානයෙන් පිටව යමින් සිටියදී කොළඹ අපරාධ කොට්ඨාසය සහ මරදාන පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.