විපක්ෂය ඉල්ලූ පාර්ලිමේන්තු විවාදය අදයි

විපක්ෂය ඉල්ලූ පාර්ලිමේන්තු විවාදය අදයි

June 23, 2017   02:02 pm



සරසවි සිසුන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටි කල්තැබීමේ යෝජනාව පිළිබඳ විවාදය අද (23) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබේ.

අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී ඊට අදාළව කාලය වෙන් කිරීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු වුණි.

එහිදී කථානායකවරයා කියා සිටියේ ඒ සඳහා අවශ්‍ය කාලය අද දිනයේ ලබාදිය හැකි බවයි.

මෙම විවාදය ඊයේ (22) ආරම්භ වීමට නියමිතව තිබුණේ පස්වරු 4.30ටය.

එහෙත්, පස්වරු 4ග05 ට පමණ ඊයේ පාර්ලිමේන්තුවේ නියමිත කටයුතු අවසන් වූ අතර, පසුව විවාදයට අදාළ කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට අවස්ථාව හිමිවුණි.

ඒ වනවිට ඔහු සභා ගර්භයේ රැදී නොසිටීම හේතුවෙන් පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30 දක්වා කල් තැබීමට එහිදී තීරණය කෙරුණි.

එමෙන්ම අද දිනයේදී 8 වන පාර්ලිමේන්තුවේ පළවන සැසිවාරය සඳහා වූ රාජ්‍ය ගිණුම්කාරක සභාවේ දෙවන වාර්තාව එහි සභාපති නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.