ප්‍රියන්තගේ පුටුව රුවන්ට ලැබෙයි

ප්‍රියන්තගේ පුටුව රුවන්ට ලැබෙයි

June 23, 2017   01:55 pm



පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

එතුමාගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.

මේ අතර නව මාධ්‍ය ප්‍රකාශක ධූරයේ වැඩකටයුතු සඳහා පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.