නාවින්න රජමහා විහාරයේ සීමා මාලකය ජනපති අතින් විවෘතවෙයි

නාවින්න රජමහා විහාරයේ සීමා මාලකය ජනපති අතින් විවෘතවෙයි

June 20, 2017   11:41 am



මහරගම, නාවින්න රජමහා විහාරයේ ඉඳිකළ සීමා මාලකය සහ ධාතු මන්දිරය සහිත දෙමහල් ගොඩනැඟිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විවෘත කර තිබේ.

විහාරාංග සංවර්ධනය යටතේ ලක්ෂ 100කට අධික මුදලක් වැය කරමින් මෙම අභිනව ධාතු මන්දිරය සහ සීමා මාලකය ඉඳි කර ඇති බව සඳහන්වේ.

මෙම අවස්ථාව සඳහා කෝට්ටේ සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක පූජ්‍ය ඉත්තෑපානේ ධර්මාලංකාර නාහිමි, පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමි ඇතුළු  මහා සංඝරත්නය සහ  අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහභාගී වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.