විග්නේෂ්වරම් තම නියෝගය ඉවත් කර ගනියි
June 19, 2017 04:32 pm
උතුර පළාත් ප්‍රවාහන හා සෞඛ්‍ය අමාත්‍යවරුන්ට මාසයක කාලයක් නිවාඩු ලබාදීම සඳහා ගත් තීන්දුව ඉවත් කර ගත් බව උතුර මහඇමති සී.වී. විග්නේෂ්වරන්,විපක්ෂ නායක ආර්. සම්බන්ධන් වෙත ලිපියක් මඟින් දැනුම් දී තිබේ.
දූෂණ හා වංචා චෝදනා හේතුවෙන් උතුර පළාත් සභාවේ කෘෂිකර්ම සහ අධ්‍යාපන ඇමතිවරුන් එම ධුරවලින් ඉවත් කිරීමට ද ප්‍රධාන අමාත්‍යවරයා පසුගිය දා කටයුතු කළේය.
එමෙන්ම ඊට සමාගාමීවයි ප්‍රවාහන හා සෞඛ්‍ය අමාත්‍යවරුන්ට මාසයක කාලයක් නිවාඩු ලබාදීමට ප්‍රධාන අමාත්‍යවරයා කටයුතු කර තිබුණේය.
එමෙන්ම මෙම අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තුවල සාක්ෂි කරුවන්ට ද බාධාවක් නොමැතිව කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසද එම ලිපියේ අන්තර්ගතවේ.