සිංහලයාට පහර ගැසීම එන්.ජි.ඕ මෝස්තරයක්
June 19, 2017 04:22 pm
යුද්ධය අවසන් වී අද වන විට වසර 9ක කාලයක් ගත වී ඇති නමුත් කිසිම අවස්ථාවක යුද්ධය අවසන් නිසා කොළඹ නගරය අපට දෙන්නැයි සිංහලයන් කිසි විටෙකත් නොපැවසු බවත් එවන් අවස්ථාවක ජාතිවාදය ඇති කිරීමට උත්සහ ගැනීමේ වරදට ඥානසාර හිමිට ප්‍රථමයෙන් වකමුල්ලේ උදිත හිමියන් අත්අඩංගුවට ගත යුතු බවත් පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල මහතා පවසයි.
ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් විසින් ඊයේ(18) දිනයේ දී “දැන් මුස්ලිම් මිනිහා කපලා කපලා මුහුදට දාන්න ද කියන්නේ?“ යනුවෙන් මාධ්‍ය තුළින් ප්‍රශ්න කර සිටි බවත් සිංහල අන්තවාදියා විදියට හංවඩු ගසමින් සිටින ඥාණසාර හිමියන් හෝ එවැනි දෙයක් පවසා නැති බවත් කියා සිටියේ ය.
අද(19) පැවති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.
මේ අතර වැඩිදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා මෙසේ ද පැවසීය.
“සිංහල බහුතරය සහනශීලි ප්‍රතිපත්තිය නිසා හැමෝම ටොකු අනින්නේ සිංහලයාට. ඔය ඥාණසාර හිමිට බැන වදින එන්ජිඕ රැලේ එක්කෙනෙකු විග්නේශ්වරන්ගේ ශිවාජිලිංගම්ගේ අසාද් සාලිගේ අන්තවාදි ප්‍රකාශ පිලිබඳ විවේචනය කර තිබෙනවා ද? මේ අය තමයි සැබෑම ජාතිවාදීන්.
ඔවුන්ට එක්පාර්ෂවයක වැරදි පමණක් පේනවනම් අනික් පාර්ෂවය කෙතරම් වැරදි කළත් පේන් නැත්නම් ඔවුන් ජාතිවාදී කෝනයකින් තමයි සමාජය දෙස බලන්නේ. මේ රටේ ඩොලර්වලින් යැපෙන එන්ජීයෝ නඩය තරම් ජාතිවාදී අන්තවාදී පිරිසක් තවත් නැහැ. අපි විග්නේශ්වරන්ට විරුද්ධව පැමිණිලි කළා. අද වෙනතුරු නීතිය ක්‍රියාත්මක වී තිබෙනවා ද? නෑ. සිවාජිලිංගම්ය අසාද්සාලිට විරුද්ධව විවිධ සන්විධාන පැමිණිලිකලා. ඒ වගේම පැමිණිලි කරන්න දෙයකුත් නෑ මාධ්‍ය හරහා අන්තවාදී ප්‍රකාශ කරනවා හැමෝම දකිනවා. ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙනවද? නැහැ. සිංහලයට විරුද්ධව විතරයි සියල්ල සිදු වෙන්නේ.“