පොලිස් අධිකාරිවරුන් 5කට ස්ථාන මාරුවීම්

පොලිස් අධිකාරිවරුන් 5කට ස්ථාන මාරුවීම්

June 19, 2017   01:38 pm



සේවයේ අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි සහකාර පොලිස් අධිකාරිවරුන් 05 දෙනෙකු ස්ථාන මාරුකර තිබේ.

පොලිස්පතිවරයාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරුවීම් සිදු කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ඒ අනුව සහකාර පොලිස් අධිකාරි ඒ.අර්.පී.ජේ. ද සිල්වා මහතා තංගල්ල කොට්ඨාසයේ සිට කොළඹ අපරාධ කොට්ඨාසය වෙතත්, කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කළ සහකාර පොලිස් අධිකාරි එම්.ඒ.ඒ.එස් ජයතිලක මහතා තංගල්ල කොට්ඨාසයටත් මාරු කර යවා තිබේ.

මඩකලපුව කොට්ඨාසයේ රාජකාරි කළ සහකාරි පොලිස් අධිකාරි පී.ටී සිසිර මහතා ගාල්ල කොට්ඨාසය වෙත මාරුකර යවා ඇති අතර ගාල්ල කොට්ඨාසයේ රාජකාරි කළ සහකාර පොලිස් අධිකාරි එස්.ආර්.එච් ගමගේ මහතා මඩකලපුව කොට්ඨාසයට මාරු කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

සහකාරි පොලිස් අධිකාරි පි.ජී.ආර්.සී.ඒ. ගම්ලත් මහතා පොළොන්නරුව කොට්ඨාසයේ සිට මාතර කොට්ඨාසයට මාරුකර තිබේ.