මුගුරකින් පහරදී 1ක් ඝාතනය කරයි

මුගුරකින් පහරදී 1ක් ඝාතනය කරයි

June 19, 2017   11:18 am



වෙන්නප්පුව, බෝලවත්ත ප්‍රදේශයේදී මුගුරකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
 
පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.
 
පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ අදාළ පුද්ගලයා මාරවිල රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ.
 
මියගොස් ඇත්තේ බෝලවත්ත, වයික්කාල ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙකි.
 
ඝාතනය සිදු කළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.