නීති විරෝධි ගිනි අවියක් සමඟ 2ක් මාට්ටු

නීති විරෝධි ගිනි අවියක් සමඟ 2ක් මාට්ටු

June 19, 2017   10:05 am




රත්ගම, කටුදම්පෙ ප්‍රදේශයේදී නීති විරෝධි ගිනි අවියක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 රත්ගම පොලීසියේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

සැකකරුවන් 34 හැවිරිදි සහ 42 හැවිරිදි හික්කඩුව, සදලංකාව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

ඔවුන් අද(19) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර රත්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.