පුරාවස්තු ගන්න ගිය 5ක් අල්ලයි

පුරාවස්තු ගන්න ගිය 5ක් අල්ලයි

June 19, 2017   09:25 am


පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම්  සිදු කළ පුද්ගලයින් 05 දෙනෙකු ඇඹීලිපිටිය, ලබුහේන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඇඹිලිපිටිය පොලීසියේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

එහිදී ඔවුන් සතුව තිබූ බැකෝ යන්ත්‍රයක්, ගල් විදින යන්ත්‍රයක්, කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරුවන් ඇඹිලිපිටිය, කටුවන ප්‍රදේශයේ පදිංචි 26 ත් 38 අතර වයසේ පසුවන්නන් බව සඳහන්වේ.

ඔවුන් අද ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඇඹිලිපිටිය පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.