මොනිකා පින්ටෝගේ වාර්තාව ගැන විජයදාසගෙන් විශේෂ ප්‍රකාශයක්
June 19, 2017 08:15 am
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට එහි විශේෂ නියෝජිත මොනිකා පින්ටෝ මහත්මිය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව මෙරට රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතාවන් මත ලබා දුන් වාර්තාවක් බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් ද සිදු කිරීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.
අනුරාධපුර ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.