සම්මුතිවාදි ආණ්ඩුව ඉදිරියට ගෙනයාම ගැන සාකච්ඡාවක්

සම්මුතිවාදි ආණ්ඩුව ඉදිරියට ගෙනයාම ගැන සාකච්ඡාවක්

June 19, 2017   08:06 am



සම්මුතිවාදි ආණ්ඩුව තවදුරටත් ඉදිරියට පත්වාගෙන යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

අද(19) රාත්‍රී 07.30ට පමණ මෙම සාකච්ඡාව පැවැත්වෙන බව වාර්තා වේ.

සම්මුතිවාදි ආණ්ඩුව ඉදිරියට ගෙනයාම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කිරීමට නියමිත අතර ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් එකඟතා කිහිපයකට එළඹිමට ද මෙම සාකච්ඡාවේදී සැලසුම් කර තිබේ.

මෙම සාකච්ඡාවට ප්‍රථම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථා සම්පාදක කමිටුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී රැස්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුව අද (19)පස්වරු 06.00ට පමණ රැස්වීමට නියමිත බව වාර්තා වේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කිරීමට නියමිතය.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරස සභාවේ සාමාජිකයින් ද එක්වනු ඇත.