රිය අනතුරින් තරුණයෙක් මරුට

රිය අනතුරින් තරුණයෙක් මරුට

June 18, 2017   03:29 pm

උඩුදුම්බර නගරයේදී සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ.

හුන්නස්ගිරිය දෙස සිට උඩුදුම්බර දෙසට  ධාවනයවූ ලොරි රථයක්  හා ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිනි යතුරුපැදියක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනතුරෙන් තුවාල ලැබූ යතුරු පැදියේ පැදිකරු උඩුදුම්බර රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ විල්ගමුව ප්‍රදේශයේ  පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙක් බව සඳහන් වෙයි.

අනතුර සම්බන්ධයෙන් උඩුදුම්බර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.