මධ්‍යම පෘතුගාලයේ ගින්නකින් පුද්ගලයින් 25 ක් මරුට
සයුරෙන් එතෙර

මධ්‍යම පෘතුගාලයේ ගින්නකින් පුද්ගලයින් 25 ක් මරුට

June 18, 2017   02:04 pm

මධ්‍යම පෘතුගාලයේ ඇති වු ගින්නකින් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පෘතුගාලයේ පෙද්රෝගාඕ ග්‍රෑන්ඩ් ප්‍රදේශයේ රක්ෂිත ප්‍රදේශයක ගින්න හටගෙන ඇති අතර එම ප්‍රදේශයෙන් පිටව යාමට උත්සාහ කළ පුද්ගලයින් පිරිසක් ගින්නට හසුව සිය රථ වාහන තුළ දී ජිවිතක්ෂයට පත්ව ඇති  බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම ගින්න මැඩපැවැත්වීමට පැමිණි ගිනි නිවන භටයින් ඇතුළු පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

කිලෝමීටර් 50කට ආසන්න ප්‍රදේශයක ගින්න පැතිර ගොස් ඇති බව සඳහන් වෙයි.

කෙසේ වෙතත් ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.