විග්නේෂ්වරන්ගෙන් දෙමළ ජාතික සන්ධානය කරුණු විමසයි
June 18, 2017 01:41 pm
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේෂ්වරන් මහතාගෙන් දෙමළ ජාතික සන්ධානය කරුණු විමසීමක් සිදුකර තිබේ.
දෙමළ ජාතික සන්ධානයේ ආර්.සම්බන්ධන් මහතා විසින් ලිඛිතව අදාළ දැනුම්දීම සිදුකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා සඳහන් කළේය.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් පසුගියදා අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් ගත් තීරණය පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ විරෝධය පල වී තිබුණි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යරයාගෙන් නිදහසට කරුණු විමසා ඇති බව සුමන්තිරන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සහය පල කළ පිරිස් ද මේ වන විට ඊට විරෝධය පල කරන බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා සඳහන් කළේය.