පුරාවස්තු සොයා කැණීම් කළ 9ක් අත්අඩංගුවට

පුරාවස්තු සොයා කැණීම් කළ 9ක් අත්අඩංගුවට

June 18, 2017   01:22 pm


මහඔය බමුණුගල කන්දේ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයින් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකායේ මහඔය කදවුරේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර, ඇහැලියගොඩ, අරලගංවිල, සහ පදියතලාව ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන් වෙයි.

ඔවුන් දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මහඔය පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.