Back to Top

තැන තැන නවත්වන බස්රථවල බලපත්‍ර අවලංගු වෙන ලකුණු

AdaDerana Ad

තැන තැන නවත්වන බස්රථවල බලපත්‍ර අවලංගු වෙන ලකුණු

June 18, 2017  01:13 pm

Bookmark and Share

ජූලි මස 1 වන දා සිට තැන් තැන්වල නවත්වන අන්තර් පළාත් බස්රථවල බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල මහතා පවසයි.

නියමිත ස්ථානවලට අමතරව තැන්තැන්වල නවත්වමින් මගීන් එකතු කර ගන්නා ලද හා මගීන් බස්සවන අන්තර් පළාත් බස්රථවල බලපත්‍ර තහනම් කරන ලෙසට තමා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් ලබා දුන් බව අමාත්‍යවරයා තව දුරටත් කියා සිටියේය.

පසුගිය කාලය තුළ මෙවැනි ක්‍රියා පිළිබඳව මගී ජනතාව සහ පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය විසින් පැමිණිලි කර ඇති අතර මෙම ක්‍රියා නැවත්වීම සහ මගී ජනතාවට වන අපහසුතාවයන් තවදුරටත් වැලැක්වීම සඳහා මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කරයි. 

ඒ අනුව ජූලි 1 වන දා සිට මෙම වැඩ පිළිවෙල ක්‍රියාවට නංවන අතර තැන තැන නවත්වන අන්තර් පළාත් බස්රථ පිළිබඳව විමර්ශනය කිරීමට ජාතික ගමනාගමන කොමිසමේ පරීක්ෂක කණ්ඩායම් යෙදවීමටත්, එවැනි බස්රථ නවත්වන ස්ථාන නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එම ස්ථානවලට CCTV ආරක්ෂක කැමරා පද්ධති සවි කිරීමට කටයුතු කරන ලෙසටත් අමාත්‍යවරයා ජාතික ගමනාගමන කොමිසමේ සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතාට උපදෙස් ලබාදී ඇත. 

එම ආරක්ෂක කැමරා පද්ධති සවි කිරීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබාගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීමට ඉදිරියේදී අපේක්ෂා කරන බවද ඇමතිවරයා අවධාරණය කරයි.