බි.සි.ආකෘති පත්‍ර කඩිනමින් ලබා දෙන්න

බි.සි.ආකෘති පත්‍ර කඩිනමින් ලබා දෙන්න

June 18, 2017   12:00 pm


2017 ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධනයට අදාල බි.සි.ආකෘති පත්‍රය කඩිනමින් පුරවා ග්‍රාම නිලධාරීන් වෙත භාරදීමට පියවර ගන්නා ලෙස පැෆ්රල් සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ ඉදිරියේ පැවැත්වෙන සියලු මැතිවරණවලදී 2017 ඡන්දහිමි නාමලේඛනය යොදා ගැනීමට නියමිත බවයි.

ඒ අනුව ඡන්ද දායකයින් එම ලියාපදිංචිය පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතු බව ඔහු කියා සිටියේය.

2017 ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධනයට අදාළ බි.සි.ආකෘති පත්‍රය ඡන්ද දායකයින් වෙත මේ වන තෙක් ලැබී නොමැති නම් ග්‍රාම නිලධාරීවරයා හමුවී එම ආකෘති පත්‍ර ලබාගැනීමට පියවර ගන්නා ලෙස රෝහණ හෙට්ටිආරච්චි මහතා ඉල්ලා සිටියි.