ගුවන් ප්‍රහාරයකින් අයි.එස්. අණදෙන නිලධාරින් 2 ක් මරුට
සයුරෙන් එතෙර

ගුවන් ප්‍රහාරයකින් අයි.එස්. අණදෙන නිලධාරින් 2 ක් මරුට

June 18, 2017   09:26 am

නැගෙනහිර සිරියාව ආසන්නයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අයි.එස්.සංවිධානයේ අණදෙන නිලධාරීන් දෙදෙනෙකුට වැඩි පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇති බව රුසියාව ප්‍රකාශ කර තිබේ.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාරයෙන් අයි.එස්.සංවිධානයේ තවත් 180 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි.

මියගිය අය අතර අයි.එස්.සංවිධානයට සම්බන්ධ මැද පෙරදිග රටවල් සඳහා උපදෙස් ලබාදෙන විශේෂඥයෙකු වන හිෂාම් අල් හෂ්මි ද  වන බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.