පුද්ගලයින් 3 කට වෙඩි තැබු සැකකරු අත්අඩංගුවට

පුද්ගලයින් 3 කට වෙඩි තැබු සැකකරු අත්අඩංගුවට

June 18, 2017   09:19 am

ඇල්පිටිය නුගේතොට ප්‍රදේශයේ දී පුද්ගලයින් තිදෙනෙකුට වෙඩි තැබීම සහ පහරදීමේ සිද්ධියකට අදාළ, සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඇල්පිටිය පොලීසියට ලද තොරතුරක් මත සිදුකරන ලද විමර්ශන අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ඊයේ(17) පස්වරුවේ ඇල්පිටිය නුගේතොට ප්‍රදේශයේ දී ඉඩම් ආරවුලක් හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකුට වෙඩි තබා තවත් දෙදෙනෙකුට පහර දී තිබුණි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයින් තිදෙනා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

කෙසේ වෙතත් අදාළ සැකකරුට පළායාම සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයෙකු ඇල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වෙඩි තැබීම සිදුකළ බව කියන ගිනි අවිය ද මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති අතර පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.