අයි.සි.සි.ශූරයන්ගේ කුසලාන අවසන් තරගය අද

අයි.සි.සි.ශූරයන්ගේ කුසලාන අවසන් තරගය අද

June 18, 2017   09:10 am

අයි.සි.සි.ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලන්ඩන් ඕවල් ක්‍රිඩාංගණයේ දී අද(18) පැවැත් වෙයි.

ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00ට පමණ තරගය ආරම්භ වීමට නියමිතයි.

මෙවර අවසන් මහා තරගය සඳහා අසියානු කණ්ඩායම් දෙකක් මෙන්ම ප්‍රතිවාදී රාජ්‍ය දෙකක් ලෙස ඉන්දියාව සහ පකිස්ථානය සුදුසුකම් ලැබීම විශේෂත්වයක් වෙයි.

තරගය සඳහා කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වීමට සූදානමින් සිටින බව ක්‍රීඩා විචාරකයින් පවසයි.

මේ අතර මෙවර තරගය නැරඹීම සඳහා මිලියන 324ක් පමණ සහභාගී වනු ඇති බව විශ්වාස කෙරෙන අතර එය ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම පිරිසක් නැරඹූ තරග අතර තෙවන ස්ථානයට පත්වනු ඇති බව වාර්තා වෙයි.

අයි.සි.සි.තරග ඉතිහාසයේ 2011 වසරේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති ලෝක කුසලාන අවසන් මහා තරගය මිලියන 558ක පිරිසක් නරඹා ඇති අතර මෙතෙක් වැඩිම සංඛ්‍යාවක් නැරඹූ අයි.සි.සි තරගය ලෙස ද එය වාර්තා අතරට එක් වෙයි.