නුගේගොඩ දී තියුණු ආයුධයකින් පහර දී කතක් මරුට

නුගේගොඩ දී තියුණු ආයුධයකින් පහර දී කතක් මරුට

June 18, 2017   09:01 am

නුගේගොඩ කැස්බෑව පාර සූරියමල් මාවත ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී තරුණියක් ඝාතනය කර තිබේ.

ඊයේ(17) පස්වරු 7.50ට පමණ ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි.

ඝාතනයට ලක්ව ඇත්තේ මතුගම පහළ හේවැස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක් බව අනාවරණය වි ඇත.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව කොහුවල පොලීසිය පවසයි.

මේ අතර හලාවත කුමාරකට්ටුව නිවහල්පුර ප්‍රදේශයේ දී 53 හැවිරිදි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව හලාවත පොලීසිය පවසයි.