තහනම් දැල් දැමූ ධීවරයින් 15 ක් අත්අඩංගුවට

තහනම් දැල් දැමූ ධීවරයින් 15 ක් අත්අඩංගුවට

June 18, 2017   08:53 am

ත්‍රිකුණාමලයේ නොර්වේ දූපත හා පරවි දූපතට ඔබ්බෙන් වූ නිලාවේලි මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් භාවිත කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 15 දෙනෙකු  අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව නොර්වේ දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 7 දෙනෙකු සහ නිලාවේලි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වු ධීවරයින් 8  දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේය.

එහිදි එම ධීවරයින් සතුව තිබූ ඩිංගි යාත්‍රා දෙකක් තහනම් දැල් නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ එම භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්ෂ වෙත භාරදුන් බව නාවික හමුදාව සඳහන් කළේය.