ආදායමෙන් සියයට 95 ක් ණය ගෙවන්න වෙලා

ආදායමෙන් සියයට 95 ක් ණය ගෙවන්න වෙලා

June 18, 2017   08:36 am


රජයේ ආදායමෙන් සියයට 95ක් පමණ පසුගිය පාලන සමයේ ලබාගත් ණය සඳහා පොලී ගෙවීමට සිදුව ඇති බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

හේවාහැට, මාරස්සන විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

මේ අතර ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සූජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළේ ඉදිරියේ දී ඩොලර් බිලියන නවයක පමණ ආයෝජනයක් අපේක්ෂා කරන බවයි.