ආපදාවලදි රාජකාරි කරන්න නිලධාරින් අකමැතියි

ආපදාවලදි රාජකාරි කරන්න නිලධාරින් අකමැතියි

June 18, 2017   08:21 am

ආපදා අවස්ථාවන්හිදී යුතුකම් සහ රාජකාරී කටයුතු ඉටුකිරීමට රජයේ නිලධාරීන් මැලිකමක් දක්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ යම් ඉදිරි ක්‍රියාමාර්ගයක් ගතහොත් නීති මඟින් දඞුවම් ලැබිය හැකි බවට එම නිලධාරීන් තුළ බියක් ඇති වීම ඊට හේතුව බවයි.

බෙලිඅත්ත, සිටිනාමළුව විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.