මහේලට තවත් ප්‍රධාන පුහුණුකරු තනතුරක්

මහේලට තවත් ප්‍රධාන පුහුණුකරු තනතුරක්

May 28, 2017   10:20 pm




ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන බංග්ලාදේශ ප්‍රීමියර් ලීග්‍ ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායමක් වන “කුල්නා ටයිටන්ස්“ කණ්ඩායමේ පුහුණුකාර ධූරය සඳහා ගිවිසුම් අත්සන් කර තිබේ.

ඒ අනුව ඔහු වසර දෙකක් සඳහා එම ගිවිසුම් අත්සන් කර ඇති බව වාර්තා වෙයි.

මහේල ජයවර්ධන ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර මෙවර තරගාවලියේ ජයග්‍රහණය ද හිමිකර ගත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමය.