විපතට පත් ජනයා මුදා ගන්න ත්‍රිවිධ හමුදා සහය

විපතට පත් ජනයා මුදා ගන්න ත්‍රිවිධ හමුදා සහය

May 26, 2017   08:15 am


අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව මුදා ගැනීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව සහය පළ කර තිබේ.

 යුද හමුදාව සඳහන් කළේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සහන සේවා කටයුතු සඳහා යුද හමුදා සියයට අධික පිරිසක් යොදවා  ඇති බවයි.

 මේ අතර නාවික හමුදාවද ගාල්ල මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල සහන සේවා කටයුතු සඳහා නාවික හමුදාව යොදාවා තිබේ.

නෙළුව, මොරවක, කඹුරුපිටිය යන ප්‍රදේශවලට ඩිංගි බෝට්ටු 04ක් යොදවා ඇති අතර මාතර දිස්ත්‍රික්කය සඳහා ඩිංගි බෝට්ටුවක් ද කළුතර, කලවාන ප්‍රදේශය සඳහා ඩිංගි බෝට්ටු 02ක් ද යොදවා ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.

ගුවන් හමුදාව ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ආපදාවෙන්  විපතට පත් ජනතාව සඳහා සහන සැලසීම සඳහා හෙලිකොප්ටර් යානා දෙකක් යොදවා තිබේ.

ගුවන් හමුදාව සඳහන් කළේ බෙල් 212 සහ එම්.අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකක් ඒ සඳහා යොදවා ඇති බවයි.