සබරගමුවේ සියලු පාසල් තාවකාලිකව වැසෙයි

සබරගමුවේ සියලු පාසල් තාවකාලිකව වැසෙයි

May 26, 2017   08:09 am



සබරගමුව පළාතේ සියලු පාසල් අද(26)  දිනයේ තාවකාලිකව වසාදමා තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ පවතින අධික වැසි සහිත කාලගුණ  තත්ත්වය හේතුවෙන් තාවකාලිකව පාසල් වසාදැමීමට තීරණය කළ බවයි.

පවතින අධික වැසි සහිත කාලගුණ  තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.