නැගෙනහිර  මුහුදේ අතුරුදන් වු ධීවර යාත‍්‍රා සොයා නාවික මෙහෙයුම්

නැගෙනහිර මුහුදේ අතුරුදන් වු ධීවර යාත‍්‍රා සොයා නාවික මෙහෙයුම්

May 24, 2017   08:53 pm

නැගෙනහිර මුහුදේ මඩලකපුව කලවච්චේන මුහුුදු තීරයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර බෝට්ටු 19 ක් අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි නාවික හමුදාව පවසයි.

ඊට අදාළ පැමිණිල්ල එරාවුල් පොලීසිය වෙත ලැබී ඇති බව නාවික හමුදාව වැඩි දුරටත් කියා සිටියේ ය.

මෙම ධීවර යාත‍්‍රා සොයා නාවික හමුදාව වේග ප‍්‍රහාරක යාත‍්‍රා පිටත් කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා අනාවරණය කළේය.

කෙසේ වෙතත් මෙම ධීවර යාත‍්‍රා අතුරින් එක් යාත‍්‍රාවක් වෙනත් දිශාවකට ගසා ගෙන ගොස් තිබිය දී අද(24) පස්වරුවේ සොයා ගැණීනි.