අභිරහස් ලෙස මිය ගිය වෛද්‍යවරියගේ මළ සිරුර හමුවෙයි

අභිරහස් ලෙස මිය ගිය වෛද්‍යවරියගේ මළ සිරුර හමුවෙයි

May 23, 2017   05:29 pm


අභිරහස් ලෙස මිය ගිය නුවරඑළිය මූලික රෝහලේ සේවය කළ නිර්වින්දන වෛද්‍යවරියකගේ මළ සිරුරක් ඇයගේ නිල නිවසේ තිබී හමුවී තිබේ.

අද (23) පස්වරුවේ පොලීසිය විසින්  ඇයගේ මළ සිරුර සොයාගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

එම රෝහලේම වෛද්‍යවරයෙකු සමග විවාහවී සිටි ඇය පසුව දික්කසාදවී තනිවම දිවි ගෙවා ඇති බවත්, විෂ ශරීරගත කර ගැනීමකින් සියදිවි නසාගත්තේද යන්න පිළිබඳ පරීක්ෂණ සිදුකරන බවත් පොලීසිය පවසයි.

කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිටින ඇය නිවාඩු ලබා සිටිය බවත්, හෙට දිනයේ යළි රාජකාරිය සඳහා වාර්තා කළ යුතුව තිබියදී අද (23) නිල නිවසට පැමිණ සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවත් අප වාර්තාකරු කියා සිටියි.

ඇයගේ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පස්වරුවේ නුවරඑළිය මහේස්ත්‍රාත් ඉන්දික රුවන්ද සිල්වා මහතා විසින් පැවැත්වූ බවත්, එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් ඇයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මහනුවර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකරන ලෙස නියෝග කළ බවත් අප වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියි.