ශ්‍රීලනිප නව සංවිධායකවරුන් 2ක් පත්වීම් ලිපි ලබා ගනියි
May 23, 2017 12:29 pm
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කෙරුණු නව ආසන සංවිධායකවරයෙකු සහ දිස්ත්‍රීක් සංවිධායකවරයෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබාගෙන තිබේ.
ජනාධිපති නිල නිවසේදී මෙම පත්වීම් ලිපි ප්රදානය සිදු කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිහින්තලය ආසන සංවිධායකවරයා ලෙස උතුරු මැද පළාත් අමාත්‍ය සරත් ඉලංගසිංහ මහතා පත් කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රීක් සංවිධායකවරයෙකු ලෙස උතුරු මැද පළාත් අමාත්‍ය සුසිල් ගුණරත්න මහතා මෙලෙස පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.