පස් කණ්ඩියකට යටවී 2ක් මරුට

පස් කණ්ඩියකට යටවී 2ක් මරුට

May 23, 2017   11:37 am


මාවනැල්ල නගරයේ ගොඩනැඟිල්ලක් ඉදිකරන තැනක පස් කණ්ඩියක් සහිත බැම්මක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අද (23) උදෑසන ගොඩනැඟිල්ලක් සාදන ස්ථානයක පස් කණ්ඩියක් සහිත බැම්මක් කඩා වැටීමෙන් තිදෙනෙකු ඊට යටවූ බවත්,  එයින් පුද්ගලයින් දෙදෙනෙකු බේරා ගෙන මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බවත් එහිදී එක් අයෙක් මිය ගොස් ඇති බවත් වාර්තා වෙයි.

මේ අතර පස් කන්දට සිර වී සිටි අනෙක් පුද්ගලයාගේ ශරීරය මේ වන විට සොයා ගෙන ඇති බව ද අද පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.