සොරකමේ ගිය 2ක් අල්ලයි

සොරකමේ ගිය 2ක් අල්ලයි

May 23, 2017   09:12 am


කෙසෙල්වත්ත, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ නිවසක් බිඳ දේපළ සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් වත්තල සහ කොළොන්නාව යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

පසුගිය 15 වැනිදා සැකකරුවන් විසින් බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ නිවසක් බිඳ එහි තිබු රුපියල් හතලිස් නව ලක්ෂ 29,500ක් වටිනා රන් භාණ්ඩ සහ විදේශීය මුදල් රුපියල් පන් ලක්ෂ 79,500ක් සොරාගෙන තිබේ.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සොරාගන්නා ලද රුපියල් 33,000ක්,රන් භාණ්ඩ  සහ විදෙස් මුදල් නෝට්ටු කිහිපයක් පොලීසි බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලම්පිටිය සහ මාලිගාවත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද(23) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.