කේරළ ගංජා කිලෝග්‍රෑම් 9.2 ක් සමඟ 1ක් අල්ලයි
May 22, 2017 04:19 pm
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් සහ මන්නාරම, පොලිසියේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (21) තලෙයිමන්නාරම, තුල්ලුකුඩුඉරිප්පු ප්‍රදේශයේදී කේරළ ගංජා ග්‍රෑම් 505 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගංජා ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගත් යතුරු පැදිය ද එහිදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය අංශය පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී ඔහු විසින් තලෙයිමන්නාරම, ජේආර්එස් ගම් ප්‍රදේශයේ සඟවා තැබූ තවත් කේරළ ගංජා තොගයක් පිළිබඳව තොරතුරු අනාවරණය කර ගෙන ඇති අතර ඒ අනුව එම ස්ථානය පරීක්ෂා කළ නාවිකයන් සහ පොලිස් නිලධාරීන් විසින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 8.720 ක්ද සොයා ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, පොලීසිය වෙත බාර දීමට කටයුතු කෙරුණු බව නාවික හමුදා මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.