පිළියන්දල වෙඩි තැබීම -සැකකරුවන් රිමාන්ඩ්

පිළියන්දල වෙඩි තැබීම -සැකකරුවන් රිමාන්ඩ්

May 22, 2017   03:18 pm


පිළියන්දල වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ජූනි මස 5 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

අපරාධ සිදුකිරීම සඳහා ආධාර අනුබලදීම, සාක්ෂි අතුරුදහන් කිරීම, අසත්‍ය තොරතුරු සැපයීම, හා සැකකරුට රැකවරණ සැපයීම සම්බන්ධයෙන් කාන්තාවක හා පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (21) දිනයේදී අහංගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තේය.

පිළියන්දල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා සහභාගිවූ පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට වෙඩිතබා පොලිස් නිලධාරියෙකු හා කුඩා දැරියක ඝාතනය කිරීමත්, තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට හා සිවිල් පුද්ගලයින්ට තුවාල සිදුකිරීමත් යන වරදට මොවුන් සැක කරුවන් වී තිබේ.