ප්‍රේමදාසගේ දියණියට ලක්ෂ 20ක වන්දියක් - විත්තිකරුට අත්හිටවූ සිරදඬුවම්

ප්‍රේමදාසගේ දියණියට ලක්ෂ 20ක වන්දියක් - විත්තිකරුට අත්හිටවූ සිරදඬුවම්

May 22, 2017   03:16 pm

හිටපු ජනාධිපති, දිවංගත ආර්. ප්‍රේමදාස මහතාගේ දියණියක වන දුලාංජලී ජයකොඩි මහත්මියට කූඨ ලෙස සකස් කරන ලද මුදල් තොගයක් ලබාදුන් විත්තිකරුට වසර 5ට අත්හිටවූ වසර දෙකක සිරදඬුවම් නියම කර තිබේ.

මීට අමතරව මහාධිකරණය විසින් වරද පිළිගත් විත්තිකරුට රු. ලක්ෂ 5ක දඩයක් ගෙවන ලෙස හා දුලාංජලී මහත්මියට ලක්ෂ 20ක වන්දියක් ගෙවන ලෙසද නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.


2014 මාර්තු 25 වන දින කොළඹ පාර්ක් වීදියේදී ව්‍යාජ ලෙස සකස් කරන ලද නෝට්ටු සන්තකයේ තබා ගැනීම, ඒවා මුද්‍රණය කිරීමට උපයෝගි කරගත් යන්ත්‍රයක් ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ පවත්වාගෙන යාම  යන අධිචෝදනා දෙක විත්තිකරුට එල්ලවී තිබුණි.


විත්තිකරු විසින් දුලාංජලී ජයකොඩි මහත්මියට ව්‍යාජ  රුපියල් 5000ක මුදල් නෝට්ටු 503ක් ලබාදීමෙන් පසු ඇය විසින් එම නෝට්ටු වලින් කොටසක් පුද්ගලික බැංකුවක තැන්පත් කිරීමට යාමෙන් මෙම වංචාව අනාවරණය විය.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විසින් පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි දුලිප් පෙරේරා නමැති විත්තිකරුවෙකුට මෙලෙස දඬුවම් නියම කරන ලදී.




පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.