අනතුරින් සෙබළා අවසන් ගමන් යයි
May 22, 2017 03:03 pm
මහියංගනය - බිබිල මාර්ගයේ රිදීමාලියද්ද, මොරගහකදුර පාළම අසලදී සිදු වූ රිය අනතුරකින් ගුවන් හමුදා සෙබළෙකු මියගොස් තිබේ.
යතුරුපැදියක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පසුපස ගමන් ගත් අදාළ ගුවන් හමුදා සෙබළා බරපතළ තුවාල ලබා බිබිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ රන්දෙනිගල පාර හදගනාව ප්රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි පුද්ගලයෙකි.
අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු බිබිල රෝහලේ ප්රතිකාර ලබන බව පොලීසිය පැවසුවේය.
රිදීමාලියද්ද පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.