මහින්දානන්දට ඇප

මහින්දානන්දට ඇප

May 22, 2017   01:28 pm



ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයේ වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 03ක් යටතේ චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතාට  ඇප නියම කර තිබේ.

අදාළ නඩුව අද(22) කැඳවූ අවස්ථාවේදී රුපියල් ලක්ෂ 20 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා විසින් ඇප නියම කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

එමෙන්ම මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය ද අධිකරණය වෙත භාර දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ.

මහින්දානන්ද අළුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති අධිචෝදනා සම්බන්ධයෙන් මූලික විරෝධතා දැක්වීමට අවශ්‍ය බවයි.

ඒ අනුව ඊට අදාළ මූලික විරෝධතා ජුනි මස 27 වන දිනට පෙර ඉදිරිපත් කරන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.